p1250121

71 වැනි ජාතික දින සමරු උත්සවය යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍ර‍ධානීන්ගේත් සියළුම රාජ්‍ය නිලධාරීන්ගේත් සහභාගිත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්විණි.

යාපනය හින්දු විද්‍යාලය, හින්දු බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය සහ කොකුවිල් හින්දු විද්‍යාල තූර්යවාදක කණ්ඩායම් සමග වසාවිලාන් මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය භට බලකා කණ්ඩායම ද ජාතික දින උත්තමාචාර පෙළපාලියට එක්වූහ.

එමෙන්ම සංදිලිප්පායි සංස්කෘතික මධ්‍යස්ථානය, හම්සප්‍රියා සංගීත විද්‍යාලය, ඒලාලෙයි මහා විද්‍යාලය සහ පාසයියූර් ශාන්ත අන්තෝනි කලෙයි කලහම් මධ්‍යස්ථානය විසින් විචිත්‍ර‍වත් සංස්කෘතික අංගයන් ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහන් මහතා සහ උතුරු පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලද රුක් රෝපණයෙන් පසු උත්සව අවස්ථාව නිමාවට පත්විය.

 තව බලන්න........